වියුණු පන්සිය ගණනක් එකම තැනක...

6.10.16

සිංහල වියුණු එකතුව දැනට සක්‍රියව පවතින සිංහල වියුණු පන් සියයකට අධික ගණනකට පහසුවෙන් පිවිසිය හැකි කවුළුවකි. ඔබේ හෝ වෙනත් අයෙකුගේ සක්‍රියව පවතින, දැනට යාවත්කාලීන කෙරෙන හෝ නොකෙරෙන, සිංහල ලිපි පළවෙන, ඕනෑම වියුණුවක් මෙයට එකතු කිරීමට අවශ්‍යනම් කරුණාකර අපව දැනුවත් කරන්න. වියුණුවේ අන්තර්ජාල ලිපිනයේ  ආරම්භක අකුර හා අවසන් වරට යාවත්කාලීන කර ඇති දිනය අනුව දකුණු පස සිරස් තීරුවකට එය අනිවාර්යයෙන්ම ඇතුළත් වනු ඇත. ඊට අමතරව විවෘත තොරතුරු අනුව පෙනෙන පරිදි එය වම් පස සිරස් තීරුවකට හෝ කිහිපයකට ඇතුළත් විය යුතුනම් එයද කෙරෙනු ඇත.

බොහෝ වියුණු පාඨකයින් කියවීම සඳහා වියුණු තෝරා ගැනීමේදී වියුණුවක ජනප්‍රියතාව, අඩංගු ලිපි ගණන (හා ලිපි පළ වන සංඛ්‍යාතය) සහ වියුණුවේ වයස සලකන බැවින් වම් පස මුල් තීරු තුනෙහි එම නිර්ණායක අනුව ඉදිරියෙන් සිටින වියුණු පෙළ ගස්වා ඇත. වම් පස සිවුවන තීරුව අළුත් වියුණු වලට වැඩි ප්‍රමුඛතාවයක් දීමේ අරමුණින්ද, දකුණු පස සිවුවන තීරුව කලකින් සිය වියුණුව යාවත්කාලීන කර නැති ලේඛකයන්ට සිහි කැඳවීමක් කිරීමේ හා දැනට යාවත්කාලීන නොකෙරෙන එහෙත් සක්‍රියව පවතින වියුණු වෙත පාඨක අවධානය යොමු කිරීමේ අරමුණින්ද වෙන් කර තිබේ.

ඔබට sinhalaviyunu@gmail.com විද්‍යුත් ලිපිනය හරහා අප සමඟ සම්බන්ධ වීමට පුළුවන.